
ජගත් ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ හය වන දිනයේ පෙරවරුවේ පැවති තරග වලදී ශ්‍රී ලංකාවේ චමින්ද විජේකෝන් තමා සහභාගි වූ අවසාන පූර්ව තරගයේ දී පස්වන ස්ථානය දිනා ගනිමින් අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලැබුවේය.විනාඩි 3.47.25 ක් ගත කරමින් සිය ඉසව්ව නිමා කළ චමින්ද තම ජාත්‍යන්තර අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් අවසාන තරගය සදහා සුදුසුකම් ලැබීම අරමුණු කරගෙන ධාවනයේ යෙදුණු බවක් පෙනෙන්නට ඇති අතර ඔහු හෙට දවසේ සාර්ථකත්වය වෙනුවෙන් සිය ශක්තිය ඉතිරි කරමින් අවසාන තරගයේදීඋපරිමයට පැමිණීම අපේක්ෂා කරන බවක් ප්‍රදර්ශනය කර බව බ්‍රසීල ආරංචි මාර්ග පැහැදිළි කරන්නේය.
ඉහළ දස්කම් දැක්වූ ශ්‍රී ලංකා බීච් වොලිබෝල් ක්‍රීඩක යුගලය වන මහේෂ් පෙරේරා සහ වසන්ත රත්නපාල රන් සටන සදහා සුදුසුකම් ලැබීමට චීනයේ ලියූ සහ ෂොහූ සමග තරග වැදුණද තියුණු සටනකින් පසු ලකුණු 17- 21 සහ 19 – 21 ක් ලෙස පසු බසින්නට සිදුවිය.ඒ පසු බැස්මේ ප්‍රතිපලය ලෙස මහේෂ් ට සහ රත්නපාලට, අද (ජූලි 22) පස්වරුවේ ලෝකඩ පදක්කම සදහා වන සටනට ඊයේ 21 තමන් ගේ ගමනේ මුල් පරාජය ලකුණු කළ රොජෙරියෝ සහ රොබර්ටෝ සදහා තරග වදින්නට සිදු වී ඇත.
මේ අතර ඊයේ සිය කාලීන හොදම දක්ෂතාවය ඉදිරිපත් කරමින් මීටර් 400 අවසාන තරගයට සුදුසුකම් ලැබූ චන්ද්‍රිකා සුභාෂණී අද තම දක්ෂතාවය තව දුරටත් වර්ධනය කර ගනිමින් කැපී පෙණුනත් ඇයගේ දක්ෂතාවය වූ තත්පර 52.52 සදහා හිමි වූයේ පස්වන තැනය.ශෙහාන් අඹේපිටිය අද මීටර් 200 මූලික තරග වලට ඉදිරිපත් වෙමින් තමන් සහභාගි වූ තරගයේ දී තත්පර 21.60 ක කාලයක් වැය කරමින් සිව්වන ස්ථානය දිනා ගත් අතර ඔහු ට එම දක්ෂතාවය මීටර් 200 අවසාන පූර්ව තරග සදහා සුදුසුකම් ලැබීමට ප්‍රමාණවත් විය.
මේ අතර ශ්‍රී ලංකාව මහත් බලාපොරොත්තු තබා සිටි මීටර් 4×400 කණ්ඩායම ද ප්‍රථම වටයෙන්ම ඉවතට වීසි වූ අතර ඔවුන් සහභාගි වූ මූලික තරගයේ දී විනාඩි 3:12.99 ක කාලයක් වැය කරමින් සිව්වන ස්ථානය දිනා ගත්තේය.
Sat, Jul 23, 2011 at 4:56 AM